by Staff writer 12-02-2020 | 9:46 AM
COLOMBO (News 1st) - සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නැවත සේවයට එක්වීමට හෝ නිත්‍යනුකූලව සේවයෙන් ඉවත්වීමට ලබා දුන් පොදු සමා කාලය අදින් අවසන් වේ.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රිය දක්වා සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සමාජිකයින්ට නැවත සේවයට එක්වීමට අවස්ථාව හිමිවනු ඇති.
පසුගිය 5 වැනි දා සිට දින 07 ක කාලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ය.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, දින 06 ක් තුළ ත්‍රිවිධ හමුදා සමාජිකයින් 6259 දෙනෙකු නැවත සේවයට වාර්තා කර ඇති බවයි.
නිලධාරීන් 13 දෙනෙකු ද එම කාලය තුළ සේවයට වාර්තා කර තිබේ.
යුද හමුදා නිලධාරීන් 6 දෙනෙකු, සෙසු නිලයන් 4528 දෙනෙකු නාවික හමුදාවේ නාවිකයින් 707 දෙනෙකු සහ ගුවන් හමුදාවේ නිලධාරීන් 07 දෙනෙකු හා සෙසු නිලයන් 1024 දෙනෙකු ඒ අතර වන බව හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ ය.