වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළට

කොළඹ ඇතුළු නගර කිහිපයක වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළට

by Staff writer 12-02-2020 | 3:52 PM

COLOMBO ( News 1st ) - කොළඹ ඇතුළු නගර කිහිපයක වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

පුත්තලම, වව්නියාව, මහනුවර හා කුරුණෑගල නගර වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ ගිය සෙසු නගර වේ. අද උදෑසන කාලයේ එම නගරවල වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඒකක 100 ඉක්මවා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ ය. එම තත්ත්වය මේ මස අග දක්වා පැවතිය හැකි බව ද ඔහු පැවසුවේ ය.