COLOMBO (News 1st) - තැපැල් මගින් මෙරටට එවන ලද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 ක් සමග සැකකරුවෙකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසිනි.
මෙක්සිකෝවේ සිට එවූ එම මත්ද්‍රව්‍ය තොගය ප්ලාස්ටික් උපකරණයක සූක්ෂ්ම ලෙස සඟවා තිබූ බව ද පොලීසිය පැවසුවේ ය.
සිද්ධියට සම්බන්ධ තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.
