යුරියා පොහොර හිඟයක් රට තුළ නැහැ – ජාතික පොහොර ලේකම් කාර්යාලය

යුරියා පොහොර හිඟයක් රට තුළ නැහැ – ජාතික පොහොර ලේකම් කාර්යාලය

යුරියා පොහොර හිඟයක් රට තුළ නැහැ – ජාතික පොහොර ලේකම් කාර්යාලය

කර්තෘ Staff writer

12 Feb, 2020 | 7:32 am

COLOMBO (News 1st) – යූරියා පොහොර හිඟයක් මේ වනවිට රට තුළ නොමැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේ, යූරියා මෙට්‍රික්ටොන් 24,000 ක නැවක් පසුගිය දා දිවයිනට සේන්දු වූ බවයි.

එම පොහොර තොග බෙදා හැරීම මේ වනවිට සිදු කෙරෙන බව ද ඔහු පැවසුවේ ය.

අධ්‍යක්ෂවරයා කියා සිටියේ පොහොර තොග සඟවා ගෙන සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ද වැටලීම් ක්‍රියාත්මක බවයි.

දිවයිනේ ප්‍රදේශ රැසකින් පසුගිය සතියේ යූරියා පොහොර හිඟයක් වාර්තා වූ අතර ඒ පිළිබඳව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ද තහවුරු කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]