
මෙරට ගිණිකොණ මුහුදේ භූ කම්පනයක්: සුනාමි අවදානමක් නැහැ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
මෙරට ගිණිකොණ මුහුදේ භූ කම්පනයක්: සුනාමි අවදානමක් නැහැ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මෙරට ගිනිකොණ දිග මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පනයක් සිදු ව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අද අලුයම 2.34 ට පමණ හම්බන්තොටට කිලෝමීටර් 240 ක් පමණ ගිණිකොණ මුහුදේ මෙම භූ කම්පනය සිදු ව ඇති බවයි.
එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 5.4 කි.
කිලෝමීටර් 10 ක් මුහුදු පතුලේ සිදු වූ මෙම භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
මේ අතර අදාළ භූ කම්පනය මාතර, අම්බලන්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
- ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ