හන්තානේ ගින්න: සංචාරකයින්ට සීමා

හන්තානේ ගිනි ගැනීම් සිදුවන ප්‍රදේශයට සංචාරකයින්ට ඇතුළුවීම තහනම්

by Staff writer 11-02-2020 | 5:28 PM

COLOMBO (News 1st) - හන්තාන කඳු මුදුනේ ගිනි ගැනීම් සිදුවන ප්‍රදේශයට ඇතුළුවීම සංචාරකයින්ට තහනම් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම ප්‍රදේශයට ඇතුළු වන සංචාරකයින්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ගිනි ගැනීම් සිදුවන බවයි. මේ අතර හන්තාන කඳු ප්‍රදේශයේ දැනට සතියක පමණ විටින් විට ගිනි ගැනීම් සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජානක හඳුන්පතිරාජ මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, හන්තාන කඳු මුදුනේ හටගත් ගින්න අද උදෑසන වනවිට නිවා දැමූ බවයි. මේ වනවිට අක්කර 60 කට අධික ප්‍රමාණයක් ගිනි ගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.