කළුතර ජනතාව පානීය ජල අර්බුදයක

ලවණ මිශ්‍රවීමෙන් කළුතර ජනතාව පානීය ජල අර්බුදයක

by Staff writer 11-02-2020 | 9:29 PM

COLOMBO ( News 1st ) - කළුතර, කෙත්හේන පොම්පාගාරයෙන් නිකුත් කරන ජලයට මේ දිනවල ලවණ මිශ්‍රවීම නිසා දිස්ත්‍රික්කයේ ජනතාව පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටී.

වියළි කාලගුණයත් සමග කළු ගඟට ලවණ මිශ්‍රවීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ පීඩා විදින පවුල් සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න ය. එදිනෙදා කටයුතු නිසියාකර සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතව ඇති බව ඔවුන් පවසයි. කළු ගඟ ඔස්සේ ජලය ගලා බසින මෝය 2015 සහ 2016 වසර වල ඛාදනයට ලක්වීම හේතුවෙන් ලවණ මිශ්‍රවීමේ ගැටලුව උග්‍ර වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.