by Staff writer 11-02-2020 | 5:48 PM
COLOMBO ( News 1st ) - ලබාදුන් පොදුසමා කාලය තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 6,259 දෙනෙකු නැවත සේවයට වාර්තා කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එම කාලය තුළ නිලධාරීන් 13 දෙනෙකු ද නැවත සේවයට වාර්තා කර ඇති බවයි.
පසුගිය 5 වැනිදා සිට 12 වැනිදා දක්වා 72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ නියමය පරිදි දින 7 ක පොදුසමා කාලයක් ප්‍රකාශයට පත් කළේ ය.
පොදුසමා කාලය ප්‍රකාශයට පත් කළ දින සිට දින 6 ක කාලය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 6 දෙනෙක් සහ සෙසු නිලයන් 4,528 දෙනෙකු ද, නාවික හමුදාවේ නාවිකයින් 707 ක් , ගුවන් හමුදාවේ නිලධාරීන් 07 ක් සහ සෙසු නිලයන් 1,024 කෙනෙකු ද සේවයට වාර්තා කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
මෙම පොදුසමා කාලය තුළ ළඟම ඇති හමුදා කදවුරට වාර්තා කර සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නැවත සේවයට වාර්තා කිරීමට හෝ සේවයෙන් ඉවත්වීමට අවස්ථාව සලසා දී ඇති බව අරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.