දිවයිනේ වැඩිම උෂ්ණත්වය කොළඹින්

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට...

by Staff writer 11-02-2020 | 4:27 PM

COLOMBO (News 1st) - ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02 - 04 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ කොළඹ නගරයෙනි. එම අගය සෙල්සියස් අංශක 35.3 ක් ලෙසය. ඒ අනුව, කොළඹ නගරයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 04 කින් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ගාල්ල නගරයේ උෂ්ණත්වය ද සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 04 කින් ඉහළ ගොස් තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව රත්මලාන සහ ත්‍රීකුණාමලය ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ ගොස් ඇත්තේ සෙල්සියස් අංශක 03 කිනි. හම්බන්තොට, කටුනායක සහ පුත්තලම ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02 කින් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.