කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 11-02-2020 | 10:51 AM
COLOMBO (News 1st) : පීලි පැනීමක් හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ. දුම්රිය මාධ්‍ය අංශය පැවසුවේ, උදෑසන 6.25 ට අවිස්සාවේල්ල සිට කොටුව බලා පැමිණි කාර්යාල දුම්රියක් වග හා පාදුක්ක අතරදී පීලි පැනීමෙන් එම ප්‍රමාදය හටගෙන ඇති බවයි. මේ වන විට දුම්රිය ධාවනය පාදුක්ක දක්වා පමණක් සීමා කර තිබේ. දුම්රිය මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ, මේ වන විට දුම්රිය පීලිගත කිරීම ආරම්භ කර ඇති බවයි.