සියලු පාසල් ප්‍රධානීන්ට උපදෙස් මාලාවක්

උෂ්ණාධික කාලගුණය හේතුවෙන් සියලු පාසල් ප්‍රධානීන්ට උපදෙස් මාලාවක්

by Staff writer 11-02-2020 | 6:04 PM

COLOMBO (News 1st) - උෂ්ණාධික කාලගුණය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් නිර්දේශ මතයි. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව දැඩි හිරු රශ්මිය පවතින පෙරවරු 11.00 සිට පස්වරු 3.30 දක්වා පාසල් ළමුන් එළිමහනේ අධික දහඩිය දමන ව්‍යායාමවලට යොමු නොකරන්නැයි විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදුන් බවයි.