අගමැති යළි දිවයිනට

ඉන්දියානු සංචාරයක නිම කරමින් අගමැති දිවයිනට

by Staff writer 11-02-2020 | 4:18 PM

COLOMBO (News 1st) - සිව්දින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් දිවයිනට පැමිණ තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 07 වන දා නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි. අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා ඇතුළු දුත පිරිස අද පස්වරු 12.45 ට පමණ යළි දිවයිනට පැමිණි බවයි. මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරය තුළදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම්නාත් කෝවින්ද්, විදේශ කටයුතු අමාත්‍යවරයා, හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං, ඉන්දීය කොංග්‍රස් පක්ෂ හිටපු නායක රාහුල් ගාන්දි මහතා ඇතුළු ඉහළපෙළේ නායකයින් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබිණි.