අගමැති මහින්ද අද පෙරවරුවේ දිවයිනට

අගමැති මහින්ද අද පෙරවරුවේ දිවයිනට

by Staff writer 11-02-2020 | 6:19 AM
COLOMBO (News 1st) : සිව් දින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණිමට නියමිත වේ. අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ, අද පෙරවරුවේ ඉන්දියාවේ තිරුපති දේවස්ථානය වන්දනා කර අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙනු ඇති බවයි. ඊයේ දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා බුද්ධගයාව ඇතුළු සිද්ධස්ථාන වැඳපුදා ගත්තේ ය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 7 වනදා නිල සංචාරයක් සඳහා ඉන්දියාව ලබා පිටත්ව ගියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි.