රංජිත් මද්දුම බණ්ඩාරට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය

නව දේශපාලන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

by Staff writer 10-02-2020 | 6:54 PM

COLOMBO (News 1st) - සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන බලවේගයේ මහ ලේකම් ලෙස තමා පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්විය. තමන් සහ අජිත් පී.පෙරේරා යන මන්ත්‍රීවරුන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ සිටියත් රැස්වීමට සහභාගී නොවූ බව සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය. අද පස්වරු 4.30 ට පමණ ආරම්භ වූ රැස්වීම පස්වරු 6.30 පමණ වනතෙක් පැවැත්විය.