ජනාධිපති කාර්යාලය ඉදිරිපිට යළි උද්ඝෝෂණ

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට යළි උද්ඝෝෂණ

by Staff writer 10-02-2020 | 3:53 PM

COLOMBO (News 1st) - ජනාධිපති කාර්යාලය ඉදිරිපිට යළි උද්ඝෝෂණ කිහිපයක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, උද්ඝෝෂණ හේතුවෙන් එම මාර්ග ආශ්‍රිතව රථ වාහන තදබදයක් පවතින බවයි. විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලීසිය රියැදුරන්ට‍ දැනුම් දෙයි. ගාලුමුවදොර පිටියේ සිට කොටුව දෙසට ගමන් ගන්නා මාර්ගය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් එක් මංතීරුවන් වසා දමා තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, සංස්කෘතික දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදේශක අනියම් සේවකයින්, උපාධිධාරි ජාතික සංවිධානය සහ නිවාස අධිකාරියේ ව්‍යාපෘති සහායකයින් විරෝධතාවයේ නිරතව සිටින බවයි.