ජනපති වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

ජනපති වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

by Staff writer 10-02-2020 | 10:53 PM

COLOMBO (News 1st ) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

නඩු ප්‍රමාදවීම් පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත්කරන බව මෙහිදී ජනාධිපතිතුමා රැඳවියන්ට දැනුම් දී තිබේ. බන්ධනාගාරයේ සිටින රැඳවියන් මුහුණ පා ඇති අතැම් ගැටළු සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය. මේ අතර සිටි බොහෝ දෙනෙක් මත්කුඩු හෝ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාර ගතවූවන්ය. රඳවා ගැනීමට ඉඩ ඇති සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව ඔවුන් එහිදී ජනාධිපතිතුමාට පවසා තිබේ. වැරදි තොරතුරු මත පදනම් වූ නඩු ගොනු කිරීමෙන් නඩු ඇසීමට විශාල කාලයක් ගතවීම හේතුවෙන් තමන්ට දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුව ඇතැයි ද ඔවුන් ජනාධිපතිතුමාට පැවසූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.