අගමැති අද බුද්ධගයාව වැඳපුදා ගනී

අගමැති අද බුද්ධගයාව වැඳපුදා ගනී

by Staff writer 10-02-2020 | 6:21 AM
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද බිහාර් ප්‍රාන්තයේ පිහිටි බුද්ධගයාව වැඳපුදා ගැනීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍යවරයා ඊයේ ඉන්දීය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, වරනාසීහි කාශි විශ්වනාත් සිද්ධස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය. පුජනීය ගංගා නදියේ බටහිර ඉවුරේ පිහිටා ඇති එම දේවස්ථානය ශිව දෙවියන් වෙනුවෙන් පුද පුජා පවත්වන හින්දු දේවාස්ථාන වලින් වඩාත් ප්‍රචලිත දේවස්ථානයක් ලෙස සැලකෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමුනියම් ජයශංකර්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් යන මහත්වරුන් හමුවී සාකච්ඡා කළේ ය. එහිදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවත්නා දීර්ඝ කාලීන සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙන්ම ආරක්ෂක, සංස්කෘතික, දේශපාලනික, සංචාරක ක්ෂේත්‍රවල සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව අවධානය යොමුවී තිබේ. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ඉන්දියාවේ සිව් දින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ දිවයිනට පැමිණීමට නියමිතයි.