අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් අත්අඩංගුවට

අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් මුල්ලේරියාවේදී අත්අඩංගුවට

by Staff writer 10-02-2020 | 9:10 AM
COLOMBO (News 1st) : අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගේ සමීපතමයෙකු මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, විදෙස්ගතව සිටින අංගොඩ ලොක්කා සමග සමීප සබඳතා පවත්වන අයෙකු බවට ලද බුද්ධි තොරතුරක් මත සැකකරුව ඊයේ අත්අඩංගුවට ගත් බවයි. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.