by Staff writer 10-02-2020 | 6:43 AM
COLOMBO (News 1st) :එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමක් අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වේ.
පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4 ට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන බවයි.
ඒ අනුව පසුගිය දා නව සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා නම් කළ රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා සඳහා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිවිමට නියමිතව ඇති බව වාර්තා වේ.
එමෙන්ම නව සන්ධානයේ නම සහ සලකුණ ඇතුළු අනෙක් කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
ඊට අමතරව පසුගිය දා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකත්වය අහෝසි කළ සාමාජිකයින් කිහිපදෙනකු නැවත කෘත්‍යාධිකාරි මණ්ඩලයට නම් කිරීමට නියමිතව ඇති බව සඳහන් ය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩලය අවසන් වරට රැස්වූයේ පසුගිය 30 වැනිදායි.