අවසන් මහා තරගයෙන් පසු බංග්ලාදේශ – ඉන්දියා යොවුන් ක්‍රීඩකයින් අතර ගැටුමක්

අවසන් මහා තරගයෙන් පසු බංග්ලාදේශ – ඉන්දියා යොවුන් ක්‍රීඩකයින් අතර ගැටුමක්

අවසන් මහා තරගයෙන් පසු බංග්ලාදේශ – ඉන්දියා යොවුන් ක්‍රීඩකයින් අතර ගැටුමක්

කර්තෘ Chathuranga Rajapaksha

10 Feb, 2020 | 10:12 am

COLOMBO (News 1st): වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ තීරණයෙන් පසු බංග්ලාදේශ සහ ඉන්දියා ක්‍රීඩකයින් අතර ගැටුමක් හටගෙන තිබේ.

එම ගැටුමේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමන් පවතී.

එහි දැක්වෙන ආකාරයට තරගය අවසානයේ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයින් පිටියට මැදට පැමිණ ජයග්‍රහණය සමරන අවස්ථාවේදී ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් සමග ගැටුම ඇතිවන අයුරු දැක්වේ.

අවසන් මහා තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 3කින් ජයගත් බංග්ලාදේශ කණ්ඩායම පළමු වරට වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය ඊයේ දිනා ගත්තේය.

දකුණු අප්‍රිකාවේ, පොචෙෆ්ස්ට්රූම්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 2කදී සියලු දෙනා දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 177කි.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 41 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 163ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාව ඇද හැළිණ.

ඉන් අනතුරුව තරගය නැවත් ආරම්භ වූ අතර පන්දුවාර 46කදී බංග්ලාදේශයට හිමි වූ ඉලක්කය ලකුණු 170කි.

බංග්ලාදේශය තරගය ජය ගත්තේ පන්දුවාර 42යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 7 ක් දැවී සිටියදී ය.

බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුවන නවීන් නවාස් වීම ද විශේෂත්වයකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]