21 දෙනෙකු ඝාතනය කළ තායිලන්ත සෙබළා මරුට

21 දෙනෙකු ඝාතනය කළ තායිලන්ත සෙබළා පොලිස් වෙඩි පහරින් මරුට

by Staff writer 09-02-2020 | 9:55 AM

COLOMBO (News 1st) - පුද්ගලයින් 21 දෙනෙකු ඝාතනය කළ තායිලන්ත හමුදා සෙබළා පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ.

වෙළෙඳ සංකීර්ණයකට පැමිණි ඔහු එහි සිටි පුද්ගලයින් 21 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළේ, ඒ පිළිබද ෆේස්බුක් සටහනක් ද තබමිනි. අනතුරුව තායිලන්ත ආරක්ෂක අංශ ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කළේය. එහිදී දෙපාර්ශවය අතර සිදුවූ වෙඩි හුවමාරුවේදී ආරක්ෂක අංශ සාමාජිකයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබිණි. අනතුරුව ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් 32 හැවිරිදි සැකකරු මිය ගිය බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.