19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ ජය කාටද?

19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ ජය කාටද?

by Staff writer 09-02-2020 | 9:19 AM

COLOMBO (News 1st) - 2020 වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතය.

ඒ, වත්මන් ලෝක ශූරයින් වන ඉන්දීය යොවුන් කණ්ඩායම හා බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතරයි. අවසන් මහා තරගය අද දකුණු අප්‍රිකාවේ පොචෙෆ්ස්ට්රූම්හිදී පැවැත්වේ. යොවුන් ඉන්දීය ක්‍රීඩකයින් වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට පිවිසි ඉතිහාසයේ හත්වන අවස්ථාව මෙය වන අතර ඉන් අවස්ථා 4 කදී ඔවුන් ලෝක කිරුළ හිමිකරගෙන තිබීම විශේෂත්වයකි. අවසන් වරට පසුගිය 2018 වසරේදී නවසිලන්තයේ පැවැති යොවුන් ලෝක කුසලානයේදී ශූරතාව ඉන්දීය කණ්ඩායම හිමිකර ගත්තේ අවසන් තරගයේදී ප්‍රබල ඔස්ට්‍රේලියාව පරාජය කරමිනි. බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයින් ලෝක කුසලානයක අවසන් මහා තරගයට පිවිසි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර බංග්ලාදේශ ක්‍රීඩකයින් යොවුන් ලෝක කුසලානයක හිමිකරගෙන සිටි ඉහළම ස්ථානය වන්නේ තුන්වන ස්ථානය යි. ඉන්දීය යොවුන් කණ්ඩායම හා බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ කිරීමට නියමිතය.