වලේ වැටුණු අලි පැටවා බේරාගත් මෙහෙයුම

වලේ වැටුණු අලි පැටවා බේරාගත් මෙහෙයුම

by Staff writer 09-02-2020 | 4:14 PM

COLOMBO (News 1st) - අනුරාධපුර වනජයපුර ප්‍රදේශයේ වලකට වැටී සිටි වන අලි පැටවෙකු පැය 8ක මෙහෙයුමකින් පසුව ගොඩ ගැනීමට වනජිවී නිලධාරීන් සමත් විය.

වනජයපුර ප්‍රදේශවාසීන් වන අලියා පිලිබඳව ගලේවෙල වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ සිට මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ. ඇතිත්න ඒ අසල ගැවසීම හේතුවෙන් අලි පැටවා ගොඩට ගැනීමට බාධා මතු විය. කෙසේ වෙතත් වනජීවී නිලධාරීන්, ඉපලෝගම පොලීසිය හා වනජයපුර හමුදා කදවුරේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම සාර්ථකව නිම කළේය. ගොඩට ගත් අලි පැටවා කලා වැව රක්ෂිතයට පලවා හැර තිබේ.