ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 20% කින් පහළට

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 20% කින් පහළට

by Staff writer 09-02-2020 | 8:17 PM
COLOMBO (News 1st) : ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මේ සතිය අවසානය වන විට 20% කින් පහත වැටී තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් මතුව ඇති බලපෑම හේතුවෙන් චීනයේ බොරතෙල් ඉල්ලුම පහළයාම මේ තත්ත්වයට බලපෑ ආසන්න හේතුවයි. මෙලෙස බොරතෙල් මිලගණන් ලෝක වෙළඳපොළේ අඩුවී ඇත්තේ අඛණ්ඩව පස්වෙනි සතියටයි. 2008 -2009 කාලයේ පැවති ආර්ථික අර්බුදකාරී වකවානුවේ ලෝක බොරතෙල් වෙළඳපොළට ඇති වූ බලපෑමට වැඩි බලපෑමක් කොරෝනා වෛරසය නිසා මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.