යූ එෆ් සී 247 ප්‍රධාන තරග ජය ජොන් ජෝන්ස්ට

ලයිට් හෙවිවේට් ශුරතාව ජොන් ජෝන්ස් සතු කර ගනී

by Staff writer 09-02-2020 | 3:40 PM

COLOMBO (News 1st ) - යූ එෆ් සී හෙවත් පරම සටන්කරුවන්ගේ තරගාවලියේ ලයිට් හෙවිවේට් ශුරතාව තවදුරටත් තමන් සතු කර ගැනීමට අමෙරිකාවේ ජොන් ජෝන්ස් සමත් විය.

ඒ යූ එෆ් සී 247 තරගාවලියේදී අමෙරිකාවේ ඩොමිනික් රේස්ව පරාජය කරමිනි. අමෙරිකාවේ ටෙක්සාස් හි පැවැති යූ එෆ් සී 247 තරගාවලියේ ප්‍රධාන තරගය ලෙස මෙය පැවැත්විය. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගය, වට 5 ක් දක්වා ක්‍රියාත්මක විය. අවසානයේ විනිසුරුවන්ගේ සාමූහික තීරණයට අනුව ජයග්‍රහණය හිමිවුණේ අමෙරිකාවේ ජොන් ජෝන්ස්ටයි. ඒ ලකුණු 48 ට 47 ක්, 48 ට 47 ක් හා 49 ට 46 ක් ලෙසයි. එම ජයග්‍රහණයත් සමඟින් අමෙරිකාවේ ජොන් ජෝන්ස් වාර්තා අතරට එක්වූයේ යූ එෆ් සී තරගාවලි ඉතිහාසයේ වැඩිම බඳ පටි සඳහා පැවති තරගය ප්‍රමාණයක් ජයග්‍රහණය කළ ක්‍රීඩකයා ලෙසයි. ජෝන්ස් මේ වන විට යූ එෆ් සී තරගාවලියේ බඳ පටි සඳහා පැවති තරග 14 ක් ජයගෙන තිබේ. එමෙන්ම ජොන්ස් අඛන්ඩව ජයගත් 18 වන තරගය ද මෙයයි.
Colombo:

කොළඹ

English - Sinhala