ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 09-02-2020 | 7:14 AM
දේශීය පුවත් - 1. සැප වාහන ගනුදෙනුවට තමා තරයේ විරුද්ධ වූ බව අමාත්‍යාංශ හිටපු ලේකම් කියයි: පසුගිය රජයේ වාහන මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. 2. “MCC ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වේවි” – නි. සහකාර රාජ්‍ය ලේකම් ජොනතන් හෙනික්: MCC ගිවිසුම ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට හේතු වනු ඇති බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමරිකානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ජොනතන් හෙනික් පවසයි. 3. කොරෝනා ආසාදනය වී මෙරට ප්‍රතිකාර ලබන චීන කාන්තාවගේ ජෛව සාම්පල හොංකොං වෙත: කොරෝනා වෛරසය ආසාදනය වී බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා හොංකොං වෙත යැවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. 4. කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් සිව් දෙනෙකු මරුට: දිගන – මැණික්හින්න මාර්ගයේ මල්පාන ප්‍රදේශයේ අද අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබේ. 5. අගමැති මහින්ද ඉන්දීය අගමැති මෝදි හමුවෙයි: නුදුරේදීම මෙරට සංචාරය කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනා කර සිටියේ ය. 6. 21 ප්‍රහාරයෙන් බිඳවැටුණු ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි IMF කියයි: අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු බිදවැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. විදෙස් පුවත් - 1. කොරෝනා බිලිගත් ජීවිත ගණන 724ක් දක්වා ඉහළට : නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ වනවිට 724 ක් දක්වා ඉහළ ගොස් තිබේ.