ප්‍රදේශ 3ක ගිනි ගැනීම්...

ගම්පහ, සිංගිමලේ සහ අලගල්ලේ ගිනි ගැනීම්

by Staff writer 09-02-2020 | 12:10 PM

COLOMBO (News 1st ) - දිවයිනේ ප්‍රදේශ 3ක ගිනි ගැනීම් වාර්තා විය.

ඒ අනුව ගම්පහ, බෙන්මුල්ල ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද අලුයම ගින්නක් හටගෙන තිබේ. අද අලුයම 3.00ට පමණ ගින්න ඇති වී තිබේ. ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාව මුළුමනින්ම විනාශ ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය. ගම්පහ ගිනි නිවීමේ ඒකකය, ගම්පහ පොලීසිය මැදිහත්ව මේ වනවිට ගින්න මැඩ පවත්වා තිබේ. ගින්නෙන් කිසිදු ජිවිත හානියක් වාර්තා වන්නේ නැත. මේ අතර, සිංගිමලේ රක්ෂිතයේ ද ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ. සිංගිමලේ දුම්රිය උමං මාර්ගයට ඉහළින් මෙම රක්ෂිතය පිහිටා තිබේ. ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන දක්වා පැතිර ගිය ගින්නෙන් අක්කර 25ක් පමණ විනාශ වී ඇති බව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්න මේ වනවිට මැඩ පැවැත්වීමට හැටන් ගිනි නිවීමේ ඒකක සමත්ව තිබේ. මේ අතර රඹුක්කන, අලගල්ල කන්දේ ස්ථාන කිහිපයක ඊයේ පස්වරුවේ ගිනි ගැනීම් සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය. අක්කර 10ක් පමණ ගින්නෙන් විනාශ වී තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම කන්දේ නිතර ගිනි ගැනීම් වාර්තාවන බව ය. පොලීසිය, යුද හා නාවික හමුදා සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇති අතර ගින්නෙන් දේපොළ හෝ ජිවිත හානි වාර්තා වී නොමැත.