කොරෝනා යැයි සැක සහිත රෝගීන් 17ක්?

කොරෝනා යැයි සැක රෝගීන් 17ක් දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 09-02-2020 | 8:34 AM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට සැකසහිත රෝගීන් 17 දෙනෙකු මේ වනවිට දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි වසංගත රෝග විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ , ඔවුන්ගේ රුධිර සහ ඛේට සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවා ඇති බව ය. මේ අතර කොරෝනා වෛරසය අසාදනය වී බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා හොංකොං වෙත යැවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, කොරෝනා වෛරසය පිළිබඳව පර්යේෂණ කරන, ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන මලික් පීරිස් මහතා රාජකාරී කරන විශ්වවිද්‍යාලයට එම ජෛව සාම්පල යොමු කරන බව ය. මේ අතර කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 25 ත් 30 ත් අතර සංඛ්‍යාවකගේ රුධිර සහ ඛේට සාම්පල මේ වනවිට වෛද්‍ය පර්යේෂණ ආයතනය පරීක්ෂාවට ලක් කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.