by Staff writer 09-02-2020 | 2:28 PM
COLOMBO (News 1st) : කොළඹ - නුවර මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයේ සිටි කාන්තාව ඇතුළු 4 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බවයි.
එහිදී 42 හැවිරිදි කාන්තාවක් මිය ගිය බව පොලීසිය පැවසී ය.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.