එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට

by Staff writer 09-02-2020 | 8:00 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට පැවැත්වේ.

පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 4.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන බව ය. එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් බිහි කිරිමට නියමිත නව සන්ධානයේ ඉදිරි කටයුතු පිළිබඳව එහිදී අවධානය යොමු කෙරෙනු ඇති. ඒ අනුව, පසුගියදා නව සන්ධානයේ මහ ලේකම් ධූරය සඳහා නම් කළ රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිවීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඊට අමතරව පසුගියදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය අහෝසි කළ කිහිපදෙනකු නැවත කෘත්‍යාධිකාරී මණ්ඩලයට නම් කිරිමට නියමිතව ඇති බව සඳහන් වේ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩලය අවසන් වරට රැස්වූයේ පසුගිය 30 වැනිදාය. එහිදී පසුගිය 06 වැනිදා යළි රැස්විමට තීරණය කළත්, පසුව එය අවලංගු කෙරිණි.