by Sagarika Chathumali 09-02-2020 | 5:52 PM
COLOMBO (News 1st) : රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ රැකියා සඳහා අයදුම් කිරීමේදී පනවා තිබූ වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අවුරුදු 35 ඉක්මවූ උපාධිධාරීන්ගේ සහ මහජන සංවිධානවල ඉල්ලීම් සලකා බලා අදාළ වයස් සීමාව ඉහළ දැමීමට ජනාධිපතිවරයා තීරණය කළ බවයි.
රැකියා අපේක්ෂකයින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019 - 12- 31 දින වනවිට සම්පූර්ණ කර තිබිය යුතු වේ.
අයදුම්කරු අයැදුම්පත යොමු කරනු ලබන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථීර පදිංචිකරුවෙකු විය යුතු බවත් පදිංචිය සහ 2020-01-01 දිනට උපාධිය ලබා වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි බවට ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් සහතික කළ යුතු බව ද අදාළ නිවේදනයේ වැඩිදුටරත් සඳහන්ව තිබේ.
නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත උපාධි සහතිකය හෝ ඩිප්ලෝමා සහතිකය සහ ප්‍රතිඵල ලේඛනයේ ඡායා පිටපතක් (සත්‍ය පිටපතක් බවට සහතික කර) 2020 - 02 - 20 වන දාට පෙර ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මගින් පහත ලිපිනයට යොමු කරන ලෙද අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම්දී සිටී.
රැකියා විරහිත උපාධිධාරීන් / ඩිප්ලෝමාධාරී රැකියාගත කිරීමේ වැඩසහටහන 2020,
ආයතන කළමනාකරණ සහ සම්බන්ධීකරණ අංශය,
ජනාධිපති ලේකම් කාර්යාලය,
ගාලු මුවදොර
කොළඹ - 01
මේ අතර රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු 0112433261 දුරකතන අංකය ඇමතීමෙන් හෝ ජනාධිපති කාර්යාලීය වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි ය.