ඇෆ්ගනිස්ථාන මුදල් ඇමති ජනපති හමුවෙයි

ඇෆ්ගනිස්ථාන මුදල් ඇමති ජනපති හමුවෙයි

by Staff writer 09-02-2020 | 10:25 PM
COLOMBO (News 1st) : ඇෆ්ගනිස්ථාන මුදල් අමාත්‍ය මොහොමඩ් හුමායොන් ක්වයමි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ. ඒ අද පෙරවරුවේ ජනාධිපති නිවසේදීයි. ද්විපාර්ශවික සබඳතා වර්ධනය සහ කලාපීය සබඳතා පිළිබඳව ඇෆ්ගනිස්ථාන මුදල් අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා එහිදී අදහස් හුවමාරු කර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ඇෆ්ගනිස්ථාන මුදල් අමාත්‍යවරයා එරට ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකකයෙකු ලෙස කටයුතු කරනු ලබයි.