ලයිට් හෙවිවේට් ශුරතාව ජොන් ජෝන්ස් සතු කර ගනී

ලයිට් හෙවිවේට් ශුරතාව ජොන් ජෝන්ස් සතු කර ගනී

ලයිට් හෙවිවේට් ශුරතාව ජොන් ජෝන්ස් සතු කර ගනී

කර්තෘ Staff writer

09 Feb, 2020 | 3:40 pm

COLOMBO (News 1st ) – යූ එෆ් සී හෙවත් පරම සටන්කරුවන්ගේ තරගාවලියේ ලයිට් හෙවිවේට් ශුරතාව තවදුරටත් තමන් සතු කර ගැනීමට අමෙරිකාවේ ජොන් ජෝන්ස් සමත් විය.

ඒ යූ එෆ් සී 247 තරගාවලියේදී අමෙරිකාවේ ඩොමිනික් රේස්ව පරාජය කරමිනි.

අමෙරිකාවේ ටෙක්සාස් හි පැවැති යූ එෆ් සී 247 තරගාවලියේ ප්‍රධාන තරගය ලෙස මෙය පැවැත්විය.

ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගය, වට 5 ක් දක්වා ක්‍රියාත්මක විය.

අවසානයේ විනිසුරුවන්ගේ සාමූහික තීරණයට අනුව ජයග්‍රහණය හිමිවුණේ අමෙරිකාවේ ජොන් ජෝන්ස්ටයි.

ඒ ලකුණු 48 ට 47 ක්, 48 ට 47 ක් හා 49 ට 46 ක් ලෙසයි.

එම ජයග්‍රහණයත් සමඟින් අමෙරිකාවේ ජොන් ජෝන්ස් වාර්තා අතරට එක්වූයේ යූ එෆ් සී තරගාවලි ඉතිහාසයේ වැඩිම බඳ පටි සඳහා පැවති තරගය ප්‍රමාණයක් ජයග්‍රහණය කළ ක්‍රීඩකයා ලෙසයි.

ජෝන්ස් මේ වන විට යූ එෆ් සී තරගාවලියේ බඳ පටි සඳහා පැවති තරග 14 ක් ජයගෙන තිබේ.

එමෙන්ම ජොන්ස් අඛන්ඩව ජයගත් 18 වන තරගය ද මෙයයි.

Colombo: කොළඹ

English – Sinhala

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]