රාජ්‍ය නාට්‍ය උළෙල ලබන 15 වැනිදා ඇරඹේ..

රාජ්‍ය නාට්‍ය උළෙල ලබන 15 වැනිදා ඇරඹේ..

by Staff writer 09-02-2020 | 10:30 AM

COLOMBO (News 1st ) - 2020 රාජ්‍ය නාට්‍ය උළෙල ලබන 15 වැනිදා ආරම්භ වේ.

ඒ, මරදාන ටවර් රඟහලේදීය. මෙවර අවසන් වටයට තේරීපත් වූ දිගු නාට්‍ය 12 ක් සහ කෙටි නාට්‍ය 20 ක් වේදිකාගත වනු ඇති. 48 වැනි වරට පැවැත්වෙන රාජ්‍ය නාට්‍ය උළෙල ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබේ.