by Staff writer 08-02-2020 | 9:36 PM
COLOMBO (News 1st) : MCC ගිවිසුම ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට හේතු වනු ඇති බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමරිකානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ජොනතන් හෙනික් පවසයි.
ඊයේ කොළඹදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ ඔහු අවධාරණය කර ඇත්තේ MCC ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ලැබෙන අමරිකානු ඩොලර් 480ක ප්‍රදානය තුළින් මාර්ග තදබදයට විසඳුම් ලැබෙන බැවින් රටේ සියලු ජනයා ඉන් ප්‍රතිලාභ ලබන බවයි.
ඉන්දියානු හා ශාන්තිකර කලාපයේ සාමය, සෞභාග්‍ය හා ස්ථාවරභාවයට ඉවහල් වන නාවික කටයුතු සඳහා වන නිදහස , මුහුදු ආරක්ෂාව, හිංසාකාරී අන්තවාදය පිටුදැකීම වැනි කාරණාව වෙනුවෙන් අමරිකාව හා ශ්‍රී ලංකාව කැප වන බව නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්වරයා පවසා තිබේ.