ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන IMF පුරෝකථනය

21 ප්‍රහාරයෙන් බිඳවැටුණු ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි IMF කියයි

by Staff writer 08-02-2020 | 10:57 AM

COLOMBO ( News 1st ) - අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු බිදවැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත්තේ , මේ වසර තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.7 % ට ක් වනු ඇති බවයි. කෙසේ වෙතත් නව රජයේ බදු සහන සහ බදු කපා හැරීම හේතුවෙන් අයවැය හිඟය තවදුරටත් පුළුල් වනු ඇතැයි ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙයි.