ලක්ෂ 15ක දුම්වැටි සමග සැකකරුවෙක් පොලිස් දැලේ

ලක්ෂ 15ක දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 08-02-2020 | 3:10 PM
COLOMBO (News 1st) : නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඔහු සන්තකයේ තිබී දුම්වැටි කාටුන් 120 ක් සොයාගත් බවයි. එහි වටිනාකම රුපියල් පහළොස් ලක්ෂ හැට දහසකි. සැකකරු එම දුම්වැටි තොගය ගුවන් තොටුපොළ පැමිණිමේ පර්යන්තයෙන් රැගෙන යමින් සිටියදී ආවේක්ෂණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් විසින් අද අලුයම අදාළ සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණ. මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුට ලබන 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් ඇප මත මුදා හැර තිබේ.