නාවික හමුදාව බීඩි කොළ තොගයක් සොයාගනී

මුහුදේ පාවෙමින් තිබූ බීඩිකොළ තොගයක් නාවික හමුදා භාරයට

by Staff writer 08-02-2020 | 4:56 PM
COLOMBO (News 1st) : උඩප්පුව, සින්නපාඩු මුහුදේ පාවෙමින් තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 700 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, මුර සංචාරයක් අතරතුර සැක සහිත පාර්සල් කිහිපයක් මුහුදේ පාවෙමින් තිබියදී පරීක්ෂා කිරීමේදී මෙම තෙත සහිත බීඩි කොළ තොගය සොයාගත් බවයි. නාවික හමුදාව සිදුකරන සෝදිසි මෙහෙයුම් අතරතුර ජාවාරම්කරුවන් මෙම බීඩි කොළ තොගය මුහුදේ ඇත්හැර දමා යන්නට ඇතැයි විශ්වාස කරන අතර ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඒවා සින්නපාඩුව රේගු කාර්යාලයට භාරදී තිබේ.