ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 08-02-2020 | 7:10 AM
දේශීය පුවත් 1. අධ්‍යාපනයේ දැඩි වෙනසක් කරනවා – ජනපති : වත්මන් රජයේ අධ්‍යාපන හා සංවර්ධන උපාය මාර්ග තුළ අධ්‍යාපනයේ දැඩි වෙනසක් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 2. යහපාලන රජයේ මැති ඇමති වාහන ගැන ජොන්ස්ටන්ගෙන් හෙළිදරව්වක් : 2015 වසරේ ජනවාරි 8 වැනිදා සිට ඉකුත් ආණ්ඩුව සමයේ විවිධ අමාත්‍යාංශවලට ගෙන්වන ලද වාහන සඳහා වැය කරඇති මුදල රුපියල් බිලියන දෙකයි දශම අටක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 3.විරෝධතාකරුවන් හමුවට පැමිණි ජනපතිගෙන් පොරොන්දුවක් : විරෝධතාවයේ නිරත ඩෙංගු මර්දන සහායකයින් හමුවට පැමිණි ජනාධිපතිවරයා, රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ ඔවුන්ට ද අවස්ථාව ලබාදෙන බවට සහතික විය. 4. කෝප් කමිටු සභාපති ධුරය යළිත් සුනිල් හඳුන්නෙත්තිට : පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ පත් කෙරිණි. විදෙස් පුවත් 1.කොරෝනා බිලි ගත් ජීවිත සංඛ්‍යාව 636ක් දක්වා ඉහළට : කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 636 ක් දක්වා ඉහළ ගොස් තිබේ.