by Staff writer 08-02-2020 | 6:20 PM
COLOMBO (News 1st) : හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද රාත්‍රී විථි සංචාරය කිරීමට නියමිතයි.
පෙරහැරට මෙවර අලි ඇතුන් 50 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අතර උඩරට , පහතරට සහ සබරගමු සම්ප්‍රදායේ නර්තනාංගවලින් ද එය වර්ණවත් වනු ඇති.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර හේතුවෙන් අද පස්වරු 6.30 සිට ඒ ආශ්‍රිතව මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය සඳහන් කළේ ය.
විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.