කොරෝනා බිලිගත් ජීවිත ගණන 724ක් දක්වා ඉහළට

කොරෝනා බිලිගත් ජීවිත ගණන 724ක් දක්වා ඉහළට

by Staff writer 08-02-2020 | 9:43 PM
COLOMBO (News 1st) : නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 724 ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මිය ගිය සංඛ්‍යාව 724 ක් දක්වා ඉහළ ගොස් තිබේ. චීනයේ පමණක් මේ වන වි නව කොරෝනා ආසාදිතයින් 34546 ක් වාර්තා වී ඇති අතර, චීනය ඇතුළු රටවල් 27 ක් පුරා මෙම වෛරසය පැතිරී අවසන් ය. මුළු අසාදිතයින් සංඛ්‍යාව 35.000 කට ආසන්න වන අතර ඉන් 6000 කට ආසන්න පිරිසක් අසාද්‍ය මට්ටමේ පසුවේ. මේ අතර කොරෝනා වෛරසය වැළදුණු අමරිකානු ජාතිකයෙක් චීනයේ වූහාන් නගරයේදී ජීවිතක්ෂයට පත් වූ බව බීජිංහි පිහිටි අමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ ය.