කොරෝනා ආසාදිත චීන කාන්තාවගේ ජෛව සාම්පල හොංකොං වෙත

කොරෝනා ආසාදනය වී මෙරට ප්‍රතිකාර ලබන චීන කාන්තාවගේ ජෛව සාම්පල හොංකොං වෙත

by Staff writer 08-02-2020 | 7:37 AM

COLOMBO ( News 1st ) -  කොරෝනා වෛරසය ආසාදනය වී බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා හොංකොං වෙත යැවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, කොරෝනා වෛරසය පිළිබඳව පර්යේෂණ කරන ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන මලික් පීරිස් මහතා රාජකාරි කරන විශ්වවිද්‍යාලයට එම ජෛව සාම්පල යොමු කරන බවයි. මේ අතර කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 25 ත් 30 ත් අතර සංඛ්‍යාවකගේ ජෛව සාම්පල මේ වනවිට වෛද්‍ය පර්යේෂණ ආයතනය පරීක්ෂාවට ලක් කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. කොරොනා වෛරසය අසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 700 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.