සිවු දෙනෙකුට මරු කැඳවූ මැණික්හින්නේ රිය අනතුර

කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් සිව් දෙනෙකු මරුට

by Staff writer 08-02-2020 | 7:51 AM

COLOMBO ( News 1st ) - දිගන - මැණික්හින්න මාර්ගයේ මල්පාන ප්‍රදේශයේ අද අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, කැබ් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගල්ගොඩක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුරින් කැබ් රථයේ රියැදුරු ඇතුළු එහි ගමන් කළ පුද්ගලයින් 04 දෙනා මියගොස් ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. මියගිය පුද්ගලයින් අවුරුදු 17 ත් 19 ත් අතර වයස්වල පසුවන ත්‍රීකුණාමලය, උහන සහ මහියංගනය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.