English
தமிழ்
කර්තෘ Staff writer
08 Feb, 2020 | 9:48 am
ඊට අමතරව මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාළව නිකුත් වී ඇති වෝහාරික විගණන වාර්තාව සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ එයාර් බස් මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව විදේශ රටකදී දෙන ලද නඩු තීන්දුව සම්බන්ධයෙන් ඉදිරියේදී කෝප් කමිටුව තුළ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ ය.
මේ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනු සම්බන්ධව මතුව ඇති කරුණු පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයක් ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
ඒ, ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.
පසුගිය රජයේ විවිධ ව්‍යාපෘති සඳහා සිදුකළ යුතු ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ආණ්ඩු පක්ෂය එහිදී දැනුම් දී තිබේ.
එම පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය පෙබරවාරි 20 වැනිදා පෙරවරු 09.30 සිට දහවල් 12.30 දක්වා පැවැත්වීමට නියමිතයි.
මේ අතර ලබන 18 හා 19 යන දිනවලදී මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවන් සම්බන්ධව සිදු කර ඇති වෝහාරික විගණනයේ වාර්තාව පිළිබද සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙනු ඇති.
29 Aug, 2021 | 01:26 PM
29 Jan, 2021 | 04:09 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS