by Staff writer 07-02-2020 | 4:20 PM
COLOMBO ( News 1st ) - උඩරට දුම්රිය මාර්ගයේ වන වගා රක්ෂිතයක අද දහවල් ගින්නක් හටගෙන තිබේ.
හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට ඉහළින් පිහිටා ඇති රක්ෂිතයේ මෙම ගින්න හට ගෙන තිබෙන බව අප වාර්තාකරු පවසයි.
ගින්නෙන් රක්ෂිතයේ අක්කර 25 ක් පමණ විනාශ වී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේය.
වතු කම්කරුවන්ගේ මැදිහත්වීමෙන් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබේ.