අගමැති මහින්ද ඉන්දියාවට

සිව් දින රාජ්‍ය සංචාරයකට අගමැති ඉන්දියාවට

by Staff writer 07-02-2020 | 5:49 PM

COLOMBO ( News 1st ) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිව් දින රාජ්‍ය සංචාරයක් ඉන්දියාවට බලා පිටත්ව ගියේ ය.

ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ නිල ආරාධනයට අනුව ය. මහින්ද රාජපක්ෂ මහතා මෙවර අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු කරන ප්‍රථම නිල විදෙස් සංවාරය මෙය බව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා සඳහන් කළේ ය. මෙම සංචාරයට ඩග්ලස් දේවානන්දා, ආරුමුගම් තොන්ඩමන් ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද සහභාගීවීමට නියමිත ය. සංචාරයේදී ද්වීපාර්ශවීය කරුණු රැසක් සම්බන්ධයෙන් එකඟතාවලට එළැඹීමට සැලසුම් කර තිබේ.