සමථ මණ්ඩලවල බලතල ගැන සොයන්න කමිටුවක්

සමථ මණ්ඩලවල බලතල වැඩිකිරීම පිළිබඳව සොයා බැලීමට කමිටුවක්

by Staff writer 07-02-2020 | 5:54 PM

COLOMBO ( News 1st ) - සමථ මණ්ඩලවල බලතල වැඩිකිරීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔහු පැවසුවේ එහි නිර්ණායක ලැබුණු පසු ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ය. සමථ මණ්ඩලවල නඩු විසදීමේ මූල්‍ය සීමාව රුපියල් ලක්ෂ 10 ක් දක්වා වැඩි කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා අධිකරණවල පවතින තදබදය අවම කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බව ද ප්‍රකාශ කළේ ය . සමථ මණ්ඩලවලට සාමාජිකයින් පත් කිරීමේදී ආගමික නායකයින්ට ද ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේය.