ජනපතිගෙන් විරෝධතාකරුවන්ට පොරොන්දුවක්

විරෝධතාකරුවන් හමුවට පැමිණි ජනපතිගෙන් පොරොන්දුවක්

by Staff writer 07-02-2020 | 4:21 PM

COLOMBO  ( News 1st ) -ජනාධිපති කාර්යාලය අසළ උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති ස්ථානයට වරින් වර පැමිණි සෞඛ්‍ය අමාත්‍යංශයට අනියුක්ත ඩෙංගු මර්දන සහායක නිලධාරීන් ලෙස සේවය කළ රැකියා අහිමි වූ බව කියන පිරිස අද ත් උදෑසන සිට එහි රැඳී උද්ඝෝෂණයක නිරතවිය.

අද දහවල් ජනාධිපතිවරයා හදිසියේ එම ස්ථානයට පැමිණ පිරිස හමුවූ අවස්ථාවේ ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ සේවය අහිමි වූවන් යළි සේවයේ පිහිටුවීම සහ විශ්‍රාම දීමනා ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයකි. රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයට අනියුක්ත ඩෙංගු මර්දන සහායක නිලධාරීන් ද බඳවා ගන්නා බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් අනතුරුව ඔවුන් ආරම්භ කළ විරෝධතාව අවසන් ක‍ර පිරිස විසිර ගියහ.