.webp)
බිලියන දෙකයි දශම අටක් ගන්නවා. ලක්ෂ 28 000 ක වාහන අරන් තියනවා යහ පාලන ආන්ඩුව. කැබිනට් ඇමතිවරුන්ට බිලියන 1.6 ක ලක්ෂ 16 000 ක අරන් තියනවා. රාජ්‍ය ඇමතිවරුන්ට අරන් තියනවා මිලියන 652 ක. නියෝජ්‍ය ඇමතිවරුන්ට අරන් තියනවා මිලියන 567 කඅමාත්ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙළි කළ පරිදි පැවැති රජය වර්ෂ කිහිපයක් තුළ විවිධ අමාත්‍යංශවල වාහන සඳහා මුදල් වැය කර ඇත්තේ මෙලෙස ය. ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ (කැබිනට් නොවන) 2017 වසරේදී වාහන දෙකකට මිලියන 82.51 යි. විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ (කැබිනට් නොවන) වාහන දෙකකට මිලියන 80.37 යි. විශේෂ ප්‍රදේශ සංවර්ධන වාහන තුනකට මිලියන 110.92 යි. මුදල් අමාත්‍යංශය එක් වාහනයකට මිලියන 33 යි. ආරක්ෂක අමාත්‍යංශය 2016,2017 සහ 2019 වසරවලදී වාහන 8 යි. මිලියන 327.47 යි. ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරිම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන,වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු 2016 වසරේදී වාහන 3 යි. මිලියන 70.5 යි. තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු වාහන දෙකයි. මිලියන 84 යි. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ 2016 වසරේදී වාහන දෙකයි. මිලියන 79 යි. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය 2017 වසරේදීක වාහන දෙකයි. මිලියන 79.38 යි. විදේශ කටයුතු 2017 වසරේදී වාහන දෙකයි. මිලියන 84.05 යි ජනතාව දහසකුත් ප්‍රශ්ණවලින් පීඩා විදිද්දී, ජනතා මුදලින් අධි සුඛෝපභෝගී වාහන ඇතුළේ සැප විදින අය ජනතාව නියෝජනය කිරීමට සුදුසුද ? ජනතා අවධානයට....
කොළඹ