මෙල්බර්න් ස්ටාර්ස් බිග් බෑෂ් අවසන් මහා තරගයට

මෙල්බර්න් ස්ටාර්ස් බිග් බෑෂ් අවසන් මහා තරගයට

by Staff writer 07-02-2020 | 6:29 PM
 

COLOMBO (News 1st) - 2020 ඔස්ට්‍රේලියා බිග් බෑෂ් ලීග් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට මෙල්බර්න් ස්ටාර්ස් ක්‍රීඩකයින් සමත් විය.

ඒ, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම ලකුණු 28 කින් පරාජය කරමිනි. ඒ අනුව, ඔවුන් හෙට සිඩ්නි සික්සර්ස් සමග අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති. මෙල්බර්න් හි පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් මෙල්බර්න් ස්ටාර්ස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 194 ක් රැස් කළේය. මාකස් ස්ටොයිනිස් පන්දු 54 කදී ලකුණු 83 ක් රැස් කළේ හතරේ පහර 7 ක් හා හයේ පහර 3 ක් සමගිනි. නික් මැඩින්සන් ලකුණු 11 ක් රැස්කළ අතර නික් ලාර්කින් ලකුණු 83 ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 9 ක් හා හයේ පහර 3 ක් ඇතුළත් විය. ක්‍රිස් මෝරිස් කඩුලු 2 ක් දවා ගත්තේය. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි සිඩ්නි තන්ඩර්ස් ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 166 ක් පමණි. උස්මන් කාවාජා ලකුණු 23 ක් රැස් කළ අතර ඇලෙක්ස් රෝස් ලකුණු 58 ක් රැස් කළේය. ක්‍රිස් මෝරිස් ලකුණු 21 ක් රැස් කළ අතර අර්ජුන් නායිර් ලකුණු 30යි. පන්දු යැවීමේදී හාරිස් රාඋෆ් කඩුලු 3ක් දවාගත් අතර නේතන් කොල්ටර් නයිල් හා ඇඩම් සැම්පා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.